ඉන්දිය රජයේ මූල්‍ය ආධාර ඇතිව පේදුරුතුඩුව වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාව

ශ්‍රී ලංකා සහ ඉන්දිය රජයන් අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව, ඉන්දිය රජයේ මූල්‍ය ආධාර ඇතිව පේදුරු වරාය සංවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා බැංගලෝරයේ සිට පැමිණි ඉන්දිය ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ධීවර කටයුතු සඳහා වූ මධ්‍යම වෙරළබඩ ඉංජිනේරු ආයතනය, ඊයේ සඳුදා (2025.09.08) සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා හමුවිය. මෙම රැස්වීමට ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස් සායි මුරලි මහතා ද සහභාගී විය.

සාකච්ඡාව ආරම්භයේදී ගරු ආණ්ඩුකාරවරයා ඉන්දියය දූත පිරිස පිළිගත් අතර ඉන්දිය රජය විසින් සපයන ලද සහාය සඳහා සිය කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාවේ ඉන්දිය තානාපතිවරයා මැයි මාසයේදී මුලතිව් වෙත ගිය අවස්ථාවේදී ඉන්දිය මූල්‍ය ආධාර ඇතිව පේදුරුතුඩුව වරාය සංවර්ධනය කරන බවට සහතික වූ බව ගරු ආණ්ඩුකාරවරයා සිහිපත් කළේය. පේදුරු තුඩුව වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද ගරු ආණ්ඩුකාරවරයා පෙන්වා දුන් අතර, යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ වරාය සංවර්ධනය කිරීමට ගත් උත්සාහයන් අවසානයේ අසාර්ථක වීම ගැන කනගාටු විය. මෙවර එවැනි තත්වයක් ඇති නොවනු ඇතැයි ගරු ආණ්ඩුකාරවරයා බලාපොරොත්තු පළ කළ අතර, ව්‍යාපෘතිය සඳහා පළාත පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

ඉන්දිය නියෝජ්‍ය තානාපති සායි මුරලිගේ ප්‍රකාශයෙන් පසුව, ධීවර කටයුතු සඳහා වූ මධ්‍යම වෙරළබඩ ඉංජිනේරු ආයතනයේ අධ්‍යක්ෂවරයා සිය තාක්ෂණික තක්සේරුව ඉදිරිපත් කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා අතීතයේ දී සකස් කරන ලද සැලසුමට සිදු කරන ලද වෙනස්කම් කිහිපයක් ද ඔහු පැහැදිලි කළේය. මේ අතර, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය විසින් මතු කරන ලද ගැටළු කෙරෙහි ද ඔහු විශේෂ අවධානයක් යොමු කළේය. ව්‍යාපෘතියට අදාළ දෙපාර්තමේන්තු වලින් ලබා ගත යුතු බලපත්‍ර සහ අතීතයේ දී ලබාගත් බලපත්‍ර අලුත් කිරීම පිළිබඳව ද ඔහු සිය අදහස් ඉදිරිපත් කළේය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කණ්ඩායම පේදුරුතුඩුව වරායට පෞද්ගලිකව පැමිණෙන බවත්, සාකච්ඡා සඳහා ලබන සිකුරාදා ධීවර අමාත්‍යවරයා පෞද්ගලිකව හමුවන බවත්ය.

මේ අතර, පේදුරුතුඩුව වරායට අදාළ සමාජ සංවිධානවල අදහස් සැලකිල්ලට ගෙන අනාගත සැලසුම් ඉදිරියට ගෙන යන ලෙසද ගරු ආණ්ඩුකාරවරයා උපදෙස් දුන්නේය.

උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ඉන්දීය තානාපති කාර්යාලය පිරිස්, ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තවත් අය මෙම සාකච්ඡාවට සහභාගී වූහ.