යාපනය කංගසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාර තුමිය සමඟ සාකච්ඡාවක්

යාපනය කංගසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අද (2024/09/18) පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී යාපනය කලාපයේ ආයෝජන ප්‍රවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ආර්.  ජයමානන්, පර්යේෂණායතන නියෝජිතයෝ සහභාගි වූහ.

දේශීය අමුද්‍රව්‍ය භාවිතා නොකර ආනයනික අමුද්‍රව්‍ය යොදා සිමෙන්ති නිෂ්පාදනය කර ඇසුරුම් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බව කංගසන්තුරේ සිමෙන්ති කම්හල සඳහා ආයෝජනය කරන පර්යේෂණ සමාගමේ නියෝජිතයින් ගරු ආණ්ඩුකාර තුමියට පැවසීය.  ඉන්දීය ආයෝජනයෙන් ක්‍රියාත්මක වන සිමෙන්ති කම්හල සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර භාවිත කරන බවත්, ඒ හරහා ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන බවත් ඔවුන් සඳහන් කළහ.