උතුරු පළාතට අයත් මහවැලි L කලාපය නැතහොත් වැලිඔය ප්‍රදේශය අති දුෂ්කර ප්රදේශයකි.කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් ගොවි පවුල් මෙම කලාපයේ ජීවත් වෙයි.
එම ප්‍රදේශයේ පිහිටි ඇතා වැටුණු වැව විද්‍යාලයේ දරු දැරියන් 382ක් අධ්‍යාපනය ලබන අතර ගුරු වරුන් 19 කු මෙම විද්‍යාලයේ සේවය කරයි.
මෙම විද්‍යාලයේ නේවාසිකව ගුරු නිවාස වල ගුරු වරුන් මීට දින කීපයක් සිටනිවාඩු ගෙන සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති නිසා දරුවන්ගේ අධ්‍යාපනයට සෘජු බලපෑමක් එල්ල විය.
මීට හේතු වී තිබෙන්නේ පාසැලට ජලය සැපයෙන ජල සම්පාදන මෝටරය පිලිස්සීම හේතුවෙන් ජලය දින කීපයක් නො ලැබීමයි.
මෙම මානුෂීය අවශ්‍යතාවය උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය වෙත ඉකුත් 12 වනදා තොරතුරු දැනගැනීම හැකි විය.මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ගරු ආණ්ඩුකාර තුමිය වහාම උතුරු පළාත් අධ්‍යාපන ලේකම් වරයාට උපදෙස් ලබා දී තිබුනේ ඉතා කඩිනමින් ජල ප්රශ්නය විසඳන්නට කටයුතු කරන ලෙසයි.එම උපදෙස් මත පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගරු ආණ්ඩුකාර තුමියගේ උපදෙස් මත දින කීපයක් ඇතුලත ජල ප්රශ්නය විසදීම පිළිබඳව ජනතාව සතුට පල කරයි