උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (09/09/2024) යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම විසින් හමුවිය. යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාර තුමියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි.
ජනාධිපතිවරණයට අදාළ උතුරු පළාතේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තම අපේක්ෂාව බව ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය. මැතිවරණ ප්රචාරක කටයුතු සාමකාමීව සිදු කරන බව පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය, ජනතාවගේ ඡන්දය ප්රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටුවට කරුණු පැහැදිලි කළාය.


