2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය උතුරු පළාත් සභාවේ ලේකම්වරයා වන එස්.එම්.සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 01.01.2024 වන දින සඳුදා පෙ.ව 8.30 ට උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සංකීර්ණයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාද ,පළාත් පාලන අමාත්‍යාංෂයේ ලේකම්වරයාද,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්ද,ප්‍රධාන අභ්‍යන්තර කොමසාරිස්වරුන්ද,මෝටාර් ප්‍රවාහන,ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ද,අනෙකුත් නිලධාරින්ද මෙම සේවාරම්භක උත්සවයට සහභාගී විය.
උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමා විසින් ජාතික කොඩිය එසවිය අතර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්කුමා විසින් පළාත් සභා කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගී ගායනා කළේය.ඉන් අනතුරුව සහභාගී වූ සියළුදෙනාම නිහඬ උපහාරයෙන් පසු 2024 වර්ෂයේ රාජ්‍ය සේවය සඳහා නිලධාරින් විසින් දිවුරුම් දීමේ වැඩසටහනද පැවැත්විය.
“ශක්තිමත් අනාගතයක් සඳහා සමාරම්භක දේශනය” යන තේමාව යටතේ පැවති උත්සවය අමතමින් ප්‍රධාන ලේකම්තුමා ප්‍රකාශ කළේය, “පසුගිය වසරේ ආරම්භයේ දී ආර්ථික වර්ධනය සෘණාත්මක වූ අතර මේ වසරේ සාධනීය ලෙස වර්ධනය වී තිබෙනවා. කැපවීමෙන් කටයුතු කළ සියලුම රාජ්‍ය සේවකයන්ට සිය කෘතඥතාව පළ කළ ඒ මහතා උතුරු පළාතේ පවුල්වල දිලිඳුකම තුරන් කිරීම සඳහා පළාතේ ගත යුතු ගැටලු පිළිබඳව ද පෙන්වා දුන්නේය.
එමෙන්ම පසුගිය වසරේ උතුරු පළාතට විවිධ ක්‍රියාකාරකම් සඳහා සම්මාන රැසක් ලැබී ඇති බව දන්වා සිටි ඒ මහතා එම සම්මානවල තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම “දිලිඳුකම තුරන් කිරීම, විරැකියාව අවම කිරීම, දේශීය නිෂ්පාදනය වැඩි කිරීම, පළාත් බදු ආදායම වැඩි කිරීම” වැනි රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ආයතනික කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව සඳහන් කිරීම බිම්බෝම්බවලින් තොර පළාතක් බවට උතුරු පළාත 2025 දී වෙනස් කිරීමට උත්සහය දරමින් පවති. එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත කාන්තාවන් 1500කට අනාගත රැකියා අවස්ථා ලබාදී ඔවුන්ගේ පවුල් ආදායම ඉහළ නැංවීමට කටයුතු කළ යුතුයි. ඒ අතරම ආබාධ සහිත පුද්ගලයින්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථා වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කළ ඒ මහතා සිය අලුත් අවුරුදු සුභාශිංසන සියලු දෙනාටම ප්‍රකාශ කළේය.
උත්සවය අමතමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ අප සෑම කෙනෙකුම වගකීමෙන් හා කැපවීමෙන් යුතුකම් ඉටුකර අන් අය නඟා සිටුවීමට කටයුතු අපේ වැඩ කටයුතු කරගෙන යා යුතු බව පැවසු අතර පෙරවරු 9.30 ට අලුත් අවුරුදු පණිවිඩයත් සමඟ උත්සවය අවසන් විය.