ජපන් රජයේ මූල්‍යාධාර මත උතුරු පලාතේ දිස්ත්‍රීක්ක 05 සහ කුරුනෑගල, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රීක්කවල ගොවිපවුල් 228,611 ක් සඳහා නොමිළේ සූරියා රසායනික පොහොර මෙට්‍රික්ටොන් 8360 ක් බෙදාදීමේ වැඩසටහනක් යාපනය චාවකච්චේරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
ශ්‍රීලංකාවේ ජපන් තානාපති මිෂුකෝෂි හිඩ්කි සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයේන් සමාරම්භක උත්සවය පැවත්වුණි.
ඒක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙම වැඩසටහන මෙහෙයවන අතර ඒලඹෙන මාස්කන්නයේ ප්‍රයෝජනය සඳහා ජපන් රජයේ ආධාරයක් ලෙස මෙම යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන 150 ක් මගින් අද සිට නිකුත් කෙරේ.
උතුරු පලාතේ වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රීක්කවලත් ත්‍රීකුණාමලය,මඩකලපුව, සහ කුරුනෑගල යන දිස්ත්‍රීක්කවලත් ජීවත්වන ගොවි පවුල් සඳහා සෙත සැලසේ.
ව්‍යාපෘතියට ජපන් රජයේ අයෝජනය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.6කි. ශ්‍රීලංකාව සහ මාලදියිනේ ඒක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම වැඩසටහනේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතාද මෙම අවස්ථාවට සඒක්ව සිටියහ.