ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලංකා දෙමළ නියෝජිතයින් හමුවෙයි

ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පසුගිය සතියේ (ඔක්තෝබර් 31) එක්සත් රාජධානියේ පදිංචිව සිටින ශ්‍රී ලංකා දෙමළ නියෝජිතයින් කිහිප දෙනෙකු ලන්ඩනයේදී හමුවිය.

උතුරු පළාත සංවර්ධන මාවත කරා ගෙන යාම සඳහා එහි  පළමු දෙමළ ආණ්ඩුකාරවරයා ලෙස සිදු කරන ලද ක්‍රියාකාරකම් හා ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව ඔහු එක්සත් රාජධානියේ වෙසෙන දෙමළ නියෝජිතයින්ට පැහැදිලි කළේය. තව දුරටත් සංවර්ධන මාවතේ උතුරු පළාත ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ සහාය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා  දමිළ ඩයස්පෝරාවට ආයෝජන මගින් පළාතට සහාය වීමට හැකි බව වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙම ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා විනිවිදභාවයකින් යුතුව උතුරු සමුපකාර සංවර්ධන බැංකුව පිහිටුවා ඇති බවත් දෙමළ ඩයස්පෝරාවට මෙම බැංකුව හරහා උතුරු පළාතේ ආයෝජන කළ හැකි බවත් ආණ්ඩුකාරවරයා ඔවුන්ට ප්‍රකාශ කළේය.