කෘත්‍රිම බුද්ධි යුගයට මුහුණ දීමට සිසුන් සූදානම් කළ යුතුයි – ගරු ආණ්ඩුකාරතුමා

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හූවර් ශ්‍රවණාගාරයේදී අද (17.11.2026) පැවැති ‘Future Ready – Small Steps. Big Dreams’ ග්‍රන්ථයේ ශ්‍රී ලංකා එළිදැක්වීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා, කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණික වෙනස්කම්වලට අනුකූලව සිසුන් සූදානම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

කෘත්‍රිම බුද්ධිය සිසුන්ගේ චින්තනයට ආදේශකයක් නොවී, ඔවුන්ට වඩාත් ඵලදායී ලෙස සිතීමට සහාය වන මෙවලමක් ලෙස වගකීමෙන් යුතුව භාවිත කළ යුතු බව ද ගරු ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය. එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හිමිවන අවස්ථා ග්‍රාමීය පාසල්වල සිසුන්ට ද සමානව ලැබිය යුතු බව ද එතුමා සඳහන් කළේය.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ දැනුම හා තාක්ෂණ හුවමාරු කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවයේදී උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ති. වේල්නම්බි, පීඨාධිපති මහාචාර්ය ක. සුරේන්ද්‍රකුමාර් සහ ග්‍රන්ථයේ කතුවර ලෝගන් නාදන් යන මහත්වරු ද අදහස් දැක්වූහ.

භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශයට පත් කර ඇති මෙම ග්‍රන්ථයේ පිටපත් උත්සවයට සහභාගී වූ පාසල් වෙත නොමිලේ බෙදා දෙන ලදී. මෙවැනි කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ගුරු පුහුණු වැඩසටහන් උතුරු පළාතේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි ව්‍යාප්ත කළ යුතු බව ද ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියේය.