යාපනය 51 වන සේනාංකයේ නව සේනාංකාධිපති ගරු ආණ්ඩුකාරතුමා හමුවෙයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන් . වේදනායගන් මහතා සහ යාපනය දිස්ත්‍රික්කයේ 51 වන සේනාංකයේ නව සේනාංකාධිපතිවරයා ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් වීරකෝන් මහතා අතර ගෞරව හමුවක් අද (23.10.2026) සිකුරාදා පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ගරු ආණ්ඩුකාරතුමා මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කළ කාලසීමාවේදී මේජර් ජෙනරාල් වීරකෝන් මහතා ද මුලතිව් දිස්ත්‍රික්කයේ රාජකාරිවල නිරතව සිටියේය. එම කාලසීමාව තුළ දෙදෙනා එක්ව කටයුතු කළ අත්දැකීම් පිළිබඳව මෙම හමුවේදී ඔවුහු සිහිපත් කළහ.