යාපනයේ විශේෂ කර්ණාටක භක්ති සංගීත වැඩසටහන -ගරු ආණ්ඩුකාරතුමා සහභාගී වේ

2026 නල්ලූර් කන්දස්වාමි කෝවිලේ උත්සවය නිමිත්තෙන්, ඉන්දියාවේ සිට පැමිණ යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද කර්ණාටක සංගීත කලාකාරිනී කලයිමාමනී සාරතා රාගව් සහ ඇයගේ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද විශේෂ කර්ණාටක භක්ති සංගීත වැඩසටහනක් අද (2026.09.07) සඳුදා සවස යාපනයේ තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර ගරු එන්. වේදනායකන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඉන්දීය කොන්සල් කාර්යාලයේ ආරාධනයෙන්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා සහ ඔහුගේ පිරිවර මෙම උත්සවය අලංකාර කළහ.

ඉන්දියාවෙන් පැමිණි කලයිමාමනී සාරතා රාගව්ගේ නායකත්වයෙන් යුත් සංගීත වැඩසටහන, විශිෂ්ට ගායනයෙන්, සංගීත හැකියාවෙන් සහ භක්තියෙන් යුත් ගීත ඉදිරිපත් කළ අතර, ඇය සමඟ සහභාගී වූ කලාකරුවන්ගේ සංගීත ප්‍රසංගය උත්සවයට තවත් විශේෂත්වයක් එක් කළේය. කලෛමාමනී සාරතා රාගව් සමඟ මෘදංගම් වාදක රමේෂ් ඇතුළු සංගීතඥයන් පිරිසක් ද; යතුරුපුවරු වාදක රජිනිකාන්ත් ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි, යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ඩී. වෙල්නම්බි, වවුනියාව විශ්ව විද්‍යාලයේ කුලපති මොහනදොස්, කලා ලෝලීන් සහ මහජනතාව සහභාගී වූහ.