උතුරු පළාතේ සෞඛ්‍ය අංශයේ සංවර්ධනය සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය (JICA) තම සහයෝගය ලබා දෙන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකාවේ ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ප්‍රධාන නියෝජිත (Country Director) කෙන්ජි කුරොනුමා මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුව, ආණ්ඩුකාර කාර්යාලයේ අද බදාදා (21.01.2026) සවස පැවැත්විණි.
මෙම හමුවේදී, පසුගිය කාලය තුළ උතුරු පළාතේ විවිධ අංශවල සංවර්ධනය සඳහා ජයිකා ආයතනය සිදු කළ දායකත්වයන් පිළිබඳව ආණ්ඩුකාරවරයා තම ස්තුතිය පළ කළේය.
ඊට පසු පළාතේ වත්මන් අවශ්‍යතා පිළිබඳව අදහස් දක්වමින්, උතුරු පළාත දැනට අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විශාල අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවත්, එය සංවර්ධනය කළ යුතු බවත් පැවසීය. එසේම සෞඛ්‍ය අංශයේ යටිතල පහසුකම්වලද සංවර්ධන අවශ්‍ය බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරොනුමා මහතා, ශ්‍රී ලංකාවේ තම වගකීම භාරගත් පසු උතුරු පළාතට කළ ප්‍රථම සංචාරය මෙය බවත්, ‘උතුරු ආයෝජන සමුළුව’ සඳහා සහභාගී වීම පිණිස මෙහි පැමිණීම සම්බන්ධයෙන් සතුටු වන බවත් පැවසීය.
තවද, ගරු ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පසුගිය වසරේ ජපානයට කළ සංචාරයේදී ඉදිරිපත් කළ ඉල්ලීම අනුව, අපගේ නව ව්‍යාපෘති මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, විශේෂයෙන් සත්වෝත්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා විවිධ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, මෑතකදී ඇති වූ ‘තිත්වා’ සුළි කුණාටුවෙන් උතුරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම පිළිබඳව ද ඔහු විමසූ අතර, උතුරේ ආයෝජකයින් සඳහා මූලික පහසුකම් නිර්මාණය කිරීම රජය දිරිමත් කළ යුතු බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා සහ ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් සහභාගී වූහ.


