එක්සත් සේවාවක් සඳහා බොහෝ අවස්ථාවල දී පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් කටයුතු කළහ. මෙමගින් ප්‍රවාහන ක්ෂේත්රයේ ඇතිවූ බොහෝ ගැටළු පහසුවෙන් විසඳා ගැනීමට හැකි විය යනුවෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය.
යාපනය ප්‍රාදේශීය ඒකාබද්ධ බස් සමාගම් සංගමයේ සභාපති පො.ෙගංගාධරන් මහතාගේ ධූර කාලය වසර 25ක් පිරීම ගැන ගෞරවනීය උත්සවය සහ සංගමයේ සාමාජික සම්මන්ත්‍රණය සහ නව කළමනාකරණ කමිටුව තෝරා පත්කර ගැනීම සෙනසුරාදා (2025.07.26) උදෑසන යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආණ්ඩුකාරතුමා තම අදහස් දැක්වීමේදී පැවසුවේ, 1995 දී අවතැන් වීමෙන් පසු අපි 1996 දී යාපන අර්ධද්වීපයට ආපසු පැමිණියෙමු. එම කාලයේ මම තෙලිප්පලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙස සේවය කරමින් සිටියෙමි. අපගේ කාර්යාලය මල්ලාකම් හි පෞද්ගලික නිවසක පිහිටා තිබුණි. එවකට එම ප්‍රදේශය භාරව සිටි බ්‍රිගේඩියර්වරයා, ජනතාව නැවත පැමිණීම සඳහා කුමන ආධාර අවශ්‍යදැයි ඇසුවේය. ප්‍රවාහන පහසුකම් සකස් කළ යුතු බව මම සඳහන් කළෙමි. එවිට මට කෙන්ගතරන් හමුවූයේ. එවකට ඔහු තෙලිප්පලය සංගමයේ සභාපති විය යුතුය. ඉන්ධන ගැටලුවක් ඇති බව ඔහු බ්‍රිගේඩියර්වරයාට පැවසීය. ඔවුන්ගේ ඉල්ලීම ඉටු වූ අතර ප්‍රවාහන සේවාව ආරම්භ විය.
එදින සිට අද දක්වා කෙන්ගතරන් මා සමඟ ගමන් කරනවා. මම ඉල්ලන කිසිම දේකට ඔහු කවදාවත් ‘නොහැකි’ කියා පිළිතුරු කියා නැහැ. නැවත පදිංචි කිරීමේ කාලයේදී, එම ජනතාවගේ නැවත පදිංචි කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ ප්‍රවාහන සේවා සංවිධානය කිරීමට ඔහු අප සමඟ කටයුතු කළා. ඒ ආකාරයෙන්, මම මේ අවස්ථාවේදී ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඔහු තම සංගම සේවකයින්ගේ අවශ්‍යතා සඳහා ස්ථිරව සිටිනු ඇත. එලෙසම, අප ඉල්ලන කාරණාද සංගම සේවකයින් හරහා ඉටු කර දෙනවා. මේ නිසා, ඔහු සහ රජයේ පරිපාලන නිලධාරීන් අතර සැමවිටම හොඳ සම්බන්ධතාවයක් පැවතුණා.
නිවැරදි දේ කිරීමට කිසිවෙකුට බිය විය යුතු නැත යනුවෙන් මාගේ තරයේ විශ්වාසයයි. දොස් කියන්නන් එය කියනු ඇත. හැමවිටම හැමට තෘප්තිමත් කළ නොහැක. ධර්මයට හා සාධාරණයට අනුව ගමන් කිරීමට අපොහොසත් වන අයගේ චෝදනාවලට හා විවේචනවලට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවයක් ඇතැයි මම නොසිතමි” යනුවෙන් ආණ්ඩුකාරතුමා සිය කතාවේදී දැක්වීයපැවසීය
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් ම. ප්‍රදීපන්, සහකාර ප්‍රධාන ලේකම් ඇනර්ට් නින්තුසා ඇන්තනි ඩයින්ස්, උතුරු පළාත් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජෙනරාල් ප. ප්‍රභාකර්, උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ප. ජයරාජා සහ ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න යන මහත්වරු සහභාගී වූහ.