විපුලානන්ද අඩිගලාර් මහතාගේ පැවිදි ජීවිතයේ ශත සංවත්සර සැමරුම් උත්සවය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමස්ත ලංකා හින්දු මහා සභාව සහ යාපනය දෙමළ සංගමය යන ආයතන එක්ව යාපනය මානිපායේදී විපුලානන්ද හිමිපාණන්ගේ 78 වන මහා සමාධි දිනය වන (2025.07.19) සෙනසුරාදා දිනයේදී පැවැත්වූහ
මානිපායි මරුතඩි විනායකර් කෝවිලේ පූජා වන්දනා කටයුතු පැවැත්වීමෙන් පසුව, එතැන් සිට අමුත්තන් කලා හා සංස්කෘතික පෙරහැරක් මගින් උත්සව පැවැත්වෙන මනිපායි හින්දු විද්‍යාලයට රැගෙන යන ලදී.
මෙම උත්සවයට ගරු කථානායක ජගත් වික්‍රමරත්න, ගරු උතුරු පළාත් ආණ්ඩුකාර එන්.වේදනායකන්, ගරු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීපවනන්දරාජා, ජේ. රජීවන්, ගරු. මනිප්පායි ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීවරුන්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්, යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය ප්‍රාදේශීය ලේකම්, යාපනය මහ නගර සභා කොමසාරිස් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ.