යාපනය දිස්ත්‍රික්කයේ පවතින රැකියා හිඟයට පිළියම් යොදන ලෙස ආණ්ඩුකාර තුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි

යාපනය.  දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (2024/07/12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සම සභාපතිවරුන් වන ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

උතුරු පළාතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවත්, විශේෂයෙන්ම කාර්යාල කාර්ය සහායක පුරප්පාඩු වැඩි වීම නිසා ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී විශාල දුෂ්කරතා මතුව ඇති බවත් ගරු ආණ්ඩුකාර තුමිය අග්‍රාමාත්‍යවරයාට පැවසීය.බොහෝ දෙපාර්තමේන්තුවල ශ්‍රම හිඟය දක්නට ලැබෙන බවත් ඒ සඳහා විසඳුම් සෙවීමට ගරු අග්‍රාමාත්‍යතුමා පියවර ගන්නා ලෙසත් ආණ්ඩුකාර තුමිය ඉල්ලා සිටියාය.