උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතින් උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලබාදීම

 උතුරු පළාතේ  උපාධිධාරීන් 13 දෙනෙකු සඳහා ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය විසින් අද (08/07/2024)  ගුරු පත්වීම් ප්‍රධානය කළාය . පත්වීම් ප්‍රධානය උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තමා පාසල්වල ඉගෙන ගත් ශිල්පීය ක්‍රම භාවිත කර ඉගැන්වීමේ කටයුතුවල වෙනසක් ඇති කළ යුතු බව ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය.  අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට අමතරව සිසු දරු දැරියන් පහසුවෙන් ඉගෙනුම් කටයුතුවල නිරත වීමට පියවර ගත යුතු බව ආණ්ඩුකාර තුමිය පැවසූ අතර සිසුන් පාසලට පැමිණීමට කැමති පරිදි පන්ති කාමර වෙනස් කළ යුතු බවත් ගුරුවරුන් සිසුන්ට ආදර්ශමත් විය යුතු බවත් ගරු ආණ්ඩුකාර තුමිය සඳහන් කළාය

උතුරේ ප්‍රාථමික හා ද්විතීයික පාසල් සඳහා අද පත්කළ ගුරුවරුන් අනුයුක්ත කර තිබේ. එළැඹෙන 15 වැනිදාට පෙර නව ගුරුවරුන් පත්වීම් ලබන පාසල්වල රාජකාරි භාර ගන්නා ලෙසට උපදෙස් දී ඇත.