උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගිතාව ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්වරයා පවසයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් Eric Walsh, ජාත්‍යන්තර සංවර්ධන සඳහා කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය Christopher MacLennan යන මහත්වරු අද (29/05/2024) හමුවී සාකච්ඡාවක නිරත විය.  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

පුනරුත්ථාපන ,නැවත පදිංචි කිරීම්, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නිදහස් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය, ව්‍යවසායකයින් සඳහා වූ සහයෝගීතාව පිළිබඳව ආදී කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි.

අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතු බව පැවසූ ගරු ආණ්ඩුකාරවර තුමිය ඒ සඳහා ආදර්ශමත් ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවද පැවසීය.  ගරු ජනාධිපතිතුමා පසුගිය සතියේ උතුරේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී රෝහල් සඳහා නව ඒකක විවෘත කිරීම, උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලබාදීම ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමට හැකිවිය.  මේ හරහා උතුරු පළාතේ ජනතාවට වඩා හොඳ අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය සේවාවක් සහතික කර ඇති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.

ඉඩම් ඔප්පු ලබාදීම තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ කාන්තා මූලික පවුල්වලට වැඩි ප්‍රතිලාභ ලැබෙන බව පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය ව්‍යවසායකයින් සඳහා තාක්ෂණික සහයෝගීතාවය සහ ණය පහසුකම් අවශ්‍ය බව පැවසීය.

මෙම ගැටළුවලට සවන්දීමෙන් අනතුරුව කැනඩා නියෝජිත පිරිස කියා සිටියේ උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගීතාව ලබාදීමට සූදානම් බවයි.