කුඩා ව්‍යාපෘති හරහා දැවැන්ත වෙනසක් කළ හැකි බව ගරු උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

රට මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තුළ කුඩා ව්‍යාපෘති හරහා දැවැන්ත වෙනසක් සිදු කළ හැකි බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසීය.
ගරු ආණ්ඩුකාරතුමිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ රොටරි සමාජය විසින් යාපනයේ සංවිධානය කරන ලද වැඩසටහනට සහභාගී වෙමිනි.
වැඩසටහන් අවස්ථාවට සහභාගී වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ

පෝලියෝ රෝග නිවාරණය, ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර ඇතුළු විශිෂ්ඨ සේවාවක් රොටරි සමාජය විසින් සිදු කිරීම පිළිබඳව සතුටට පත්වන බවත්
උතුරු පළාතේ අඩු වරප්‍රසාද සහිත සිසුන් පාසල් අධ්‍යාපනය මග හැරීම,  ඉගෙනුම් පහසුකම් නොමැති අය හඳුනා ගැනීමට සහාය වීමට රොටරි සමාජය ඉදිරිපත් වීම වෙනුවෙන් කෘතඥතාව පළ කළ ගරු ආණ්ඩුකාරතුමිය අධ්‍යාපනයෙන් සමස්ත සමාජ ව්‍යුහයම වෙනස් කළ හැකි බවද පැවසීය.
ඒ සමගම උතුරු පළාතේ වෙසෙන ජනතාවට යටිතල පහසුකම් මහා පරිමාණයෙන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා කුඩා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.