අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක් අධ්‍යාපන ප්‍රගති සමාලෝචන රැස්වීම

උතුරු පලාතේ පාසල් දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය අධ්‍යාපනය අමාත්‍යාංශය ලෙස සැමවිටම ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපනය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අනෙක් පලාත් හා සැසඳීමේදී උතුරු පලා‌තේ දරුවන්ගේ අධ්‍යාපනය පෙරට වඩා ඉහල අගයක් ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාහ කරනු ලැබුවේ යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කවල අධ්‍යාපනය ක්සේස්ත්‍රයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.
උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේද ප්‍රධානත්වයෙන් අද (05) දින යාපනය මධ්‍යමහා විද්‍යාලයේදී මෙම වැඩසටහන පැවත්වුණි.
උතුරු පලාතේ පාසල් 913 කට අයත් 223,000 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන අතර දුර බැහර ප්‍රදේශවල පවත්නා පාසල් වලට වැඩි අවධානයක් යොමුකරමින් අධ්‍යාපනය පහසුකම් සැලසීමට කටයුතු කරන බවට අමාත්‍යාවරයා පකාශ කළේ යාපනය මධ්‍යමහා විදයාලයේ පැවති වැඩසටහනේදීය.
මෙහිදී අදහස් දැක්වූ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එම්.චාල්ස් මහත්මිය පවසා සිටියේ,
‘උතුරු පලාතේ සෙසු දිස්ත්‍රීක්ක මෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කවලත් දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ගුරුවරුන්, විදුහල්පතිවරුන් කැපවී ක්‍රියාකල යුතු බවටයි.