වසර 18 ක් පැරණි යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිල්ලයාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පියවර ගනියි

වසර 18කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිලියාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පියවර ගෙන ඇත.
මෙම මාර්ගය පිළිබඳව ගම්වාසීන්ගෙන් ලැබුණු ඉල්ලීමට අනුව ගරු ආණ්ඩුකාරතුමිය විසින් කිලෝමීටර් 02 මීටර් 34 ක පමණ දුරුති මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා කොමසාරිස් වෙත උපදෙස් ලබා දෙන ලදී.
ඒ සඳහා චාවකච්චේරි ප්‍රාදේශීය සභාව මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ඇත. යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිල්ලියාර් මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 42ක අරමුදලක් අවශ්‍ය  බව ගණන් බලා ඇති අතර ඉන් රුපියල් මිලියන දහයක් චාවකච්චේරි ප්‍රාදේශීය සභාව වෙන් කර ඇත.
මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට කරුණු වාර්තා කර ඇති අතර ඔවුන්ට මුදල් ලබා දෙන්නේ නම් සම්පූර්ණ මාර්ගයම ප්‍රතිසංස්කරණය කරන බවද දැනුම් දී ඇත.
සම්පූර්ණ ප්‍රතිපාදන නොමැති නම් චාවකච්චේරි ප්‍රාදේශීය සභාවෙන් වෙන් කරන මුදලින් එම මාර්ගය අර්ධ වශයෙන් ප්‍රතිසංස්රණය කරන බව උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස් එස්. ප්‍රනවනාදන් මහතා පැවසීය.
යාපනය කොඩිගාමම් තට්ටංගුලම් පිල්ලියාර් මාර්ගය J-320 සහ J-321 ග්‍රාමසේවා වසම් අතර මාර්ගය වන අතර මෙම ප්‍රදේශ දෙකම මෙම මාර්ගය භාවිතා කරන අතර සිසුන් සිය ගණනක්ද මෙම මාර්ගය භාවිත කරයි.
කඳු සහ වළවල් සහිත මාර්ගය මෝසම් කාලයේදී ගංවතුරෙන් වැසී යනු ඇතැයි ගම්වාසීහු බිය පළ කරති. එම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස කොඩිගාමම්, මීසාල උතුර ර ගම්වාසීහු උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබීම විශේෂත්වයකි.