මහා පරිමාණ සමාගම්වල ආයතනික සාමාජීය වගකීම් අරමුදල (Corporate Social Responsibility – CSR) උතුරු පළාත් සභාව වෙත ලබාගැනීම සඳහා වන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ සමාරම්භක හමුව, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී අද (24.07.2026) සිකුරාදා දින පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, “පළාත් සභාවට ලැබිය යුතු ආදායම් මාර්ගවලින් එකක් ලෙස මහා පරිමාණ සමාගම්වල ආයතනික සාමාජීය වගකීම් අරමුදල ද පවතී. කෙසේ වෙතත්, මෙතෙක් කාලයකට පළාත් සභාව වෙත මෙම අරමුදල ලැබී ඇත්තේ ආයතන කිහිපයකින් පමණි. එබැවින් මෙය විධිමත්ව සකස් කර, ඉදිරියේදී මෙම අරමුදල ලබාදිය හැකි සියලුම මහා පරිමාණ සමාගම්වලින් එය ලබාගැනීමට කඩිනම් පියවර ගත යුතුය” යනුවෙන් නිලධාරීන්ට අවධාරණය කළේය.
මෙහිදී පහත සඳහන් කරුණු පිළිබඳව තීරණය කරන ලදී:
සෙසු පළාත් සභාවල ආයතනික සාමාජීය වගකීම් අරමුදල් ලබාගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාපටිපාටීන් පිළිබඳව දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීම. එම ක්‍රියාපටිපාටීන්ට අනුකූලව උතුරු පළාත් සභාව වෙනුවෙන් නව, විධිමත් රෙගුලාසි මාලාවක් සකස් කිරීම.
මෙම රෙගුලාසි සකස් කිරීමෙන් අනතුරුව, අදාළ මහා පරිමාණ සමාගම්වල නියෝජිතයන් ගෙන්වා සාකච්ඡා කර, පළාත් සභාවේ සංවර්ධන කටයුතු සඳහා එම සමාගම්වලින් සාමාජීය වගකීම් අරමුදල් විධිමත්ව ලබාගැනීම.
මෙම වැදගත් සාකච්ඡාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් කෘෂිකර්ම හා පළාත් පාලන අමාත්‍යාංශවල ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) සහ උතුරු පළාත් පාලන කොමසාරිස් ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.



