යාපනය ආරක්ෂක සේනා නව ආඥාපතිවරයා ලෙස මෑතකදී වැඩ භාරගත් මේජර් ජෙනරාල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න මහතා, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා අද (2026.04.20) සඳුදා පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී හමුවී සාකච්ඡා කළේය.
යාපනය දිස්ත්‍රික් ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව, ගරු ආණ්ඩුකාරතුමා සමඟ පවත්වන ලද පළමු නිල හමුව මෙය විය.
මෙම හමුවේදී දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණු අතර, නව තනතුරේ වැඩ භාරගත් ආඥාපතිවරයා වෙත ගරු ආණ්ඩුකාරතුමා සිය සුබපැතුම් එක් කළේය. හමුව අවසානයේ ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් ගරු ආණ්ඩුකාරතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.





