ජාතික ඵලදායිතා සම්මාන උළෙල-2020

උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා වන ඵලදායිතා තරඟ සම්මාන උළෙල-2020 කිලිතොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සහ වෘතිය සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා 2022-10-27 වන දින කිලිනොච්චියේ පිහිටි දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයේ දී පෙ.ව.10.00ට අමුත්තන්ගේ පැමිණීමත් සමඟ ආරම්භ විය.

මෙම සම්මාන උළෙලේදී උතුරු පළාත් ප්‍රධාන ලේකම්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්, විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, උතුරු පළාත් අමාත්‍යාංශයේ ලේකම්වරුන්, අම්පාර දිස්ත්‍රික් හැර උතුරු නැගෙනහිර පළාත්වලට අයත් නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ආරාධිත අමුත්තන් මල්මාලා පළඳවා ආරාධනා කළ අතර පොල් තෙල් පහන් දෙල්වීමේ පුණ්‍යෝත්සවය සහ ආගමික වැඩසටහනක්ද පැවැත්වේ. ඉන් අනතුරුව ඵලදායිතා ගීතය ගායනා කරීමෙන් පසු කිලිනොච්චිය හින්දු භාලිකා විදුහලේ සිසුවියන් විසින් පිළිගැනීමේ නර්ථනයක්ද පවත්වන ලදී. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පිළිගෙනීමේ කථාවක් පවත්වන ලදි.

ඉන් අනතුරුව ආරාධිත අමුත්තන්ගේ කථාව සහ සම්මාන ප්‍රදානෝත්සවයන් ද පැවැත්විණි.උතුරු සහ නැගෙනහිර පළාත්වල ආයතන 151ක් විශිෂ්ටතා සහ කුසලතා සම්මාන ලබා ගන්හ.ඒ ආකාරයට කිලිනොච්චි දිස්ත්‍රික්කයට සම්මාන 5ක්, මුලතිව් දිස්ත්‍රික්කයට සම්මාන 9ක්, ම්න්නාරම දිස්ත්‍රික්කයට සම්මාන 16ක්, වවුනියාව දිස්ත්‍රික්කයට සම්මන 3ක්, ත්‍රිකුණාමලය දිසුත්‍රික්කයට සම්මාන 10ක්, මඩකලපුව දිස්ත්‍රික්කයට සම්මාන 35ක්, ද ලබා ඇත.මෙම අවස්ථාවේ රාමනාදපුරම් බස්නාහිර දෙමළ මහා විදුහල සිසුන්ගේ නව නර්ථනයක් ඉදිරිපත් කිරීම විශේෂයකි.

මෙම උත්සවයේ ජනාතව වෙත ඇමතූ විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සම්මානය ලැබුණු අයට ප්‍රශංසා කිරීමෙන් පසු සම්මානය පිරිනැමීම ලැබූ අය ඊළඟ මට්ටමේ සම්මානය ලබා ගැනීම සඳහා උත්සාහ කල යුතුයි ලෙසත් රටේ පවතින තත්වය අනුව මෙම ස්ථානයේ මෙම උත්සවය කාර්යක්ෂමව පැවැත්වීමද ඵලදායි කටයුත්තකි ලෙස අදහස් දැක්වූ අතර මෙම වැඩසටහන පවත්වාගෙන යාමට කොවිඩ්කාලය තුල බොහෝ බාධාවක් ස්දුවූ ඇත නමුත් අනාගතයේ දී ඵලදායිතා ක්‍රියාවලිය වැඩිදියුණු කළ යුතු බවද ඔහු අදහස් කලේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඵලදායිතාව ලේකම් කාර්යාලය අධ්‍යක්ෂවරයා “ආයතන සංවර්ධනයට ඵලදායිතාව අවශ්‍ය බව සඳහන් කරමින් සම්මාන ලැබූ අයට සුබ පතන අතර ආයතනයේ වැඩිදියුණුවට ඵලදායිතාව කෙරහි වැඩි අවධානය යොමු කල යුතුයි” ලෙස පැවසුය.

මෙම අවස්ථාවට අදහස් දක්වමින් උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයා සිය ඉදිරිපත් කිරීමේදී කියා සිටියේ “ඵලදායිතාව අවම යෙදවුමකින් උපරිම නිමවුමක් ලබා ගැනීම ඵලදායිතාව යනු බවත් මෙම ඵලදායිතාව රඳා පවතින්නේ අපි වැඩකරන කාලය තුළ කෙතරම් දුරට කාර්යක්ෂමව කටයුතු කරනවාද යන්න මත බවත් ඹහු සඳහන් කළේය.එසේම මෙම ඵලදායිතාව මතය රාජකාරි ස්ථානවලින් පමණක් නොව එදිනදා ජීවිතයේදීද අත්‍යවශ්‍ය වේ.ඵලදායිතාව වැඩිවන විට තෘප්තියද වැඩිවන” බව සඳහන් කළ අතර සම්මාන ලැබූ සැමට සුබ පැතුම් පිරිනමන අතර සම්මාන ලබාදුන් අයට ස්තුතිය පුද කළේය.

මෙලෙස කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්තුමාගේ ස්තුති කථාව සමඟ මෙම ඵලදායිතා සම්මාන උළෙල ප.ව.12.30ට අවසන්වේ.

මෙම ඵලදායිතා සම්මාන උළෙලේදී උතුරු පළාතට , ලබාදුන් සම්මානය 02.11.2022 දින ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී ප්‍රධාන ලේකම් විසින් නි‍යෝජ්‍ය ප්‍රධාන ලේකම් පාලන,නි‍යෝජ්‍ය ප්‍රධාන ලේකම් මුදල්, නි‍යෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම්, නි‍යෝජ්‍ය ප්‍රධාන ලේකම් ඉංජිනේරු, නි‍යෝජ්‍ය ප්‍රධාන ලේකම් පිරිස් හා පුහුණු, පළාත් අභ්‍යන්තර විගනණාධිපති ,බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ එම කාර්යාලවල නිලධාරින්ගේ ඉදිරියේ සියළුදෙනාගෙන් සහයෝගයෙන් ලැබෙන ලද ජයග්‍රහණයට ලැබෙන ලද සම්මානය ලෙස පවසමින් සියළුදෙනාවම ප්‍රසංශා කර ගෞරව කළේය.

 

Ways to Play Free Poker Online in 2023