ජාතික තරුණ සේවා සභාවේ 36 වන ජාතික තරුණ ක්රීඩා උළෙලේ කණ්ඩායම් තරගවලින් එකක් වන පිරිමි සහ කාන්තා දෙඅංශයේම පාපන්දු තරගාවලිය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා.වේදනායගන් මහතා විසින් අද (2026.07.25) සෙනසුරාදා යාපනය දුරේයප්පා ක්රීඩාංගණයේදී ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට යාපනය මහා නගර සභාවේ ගරු නගරාධිපතිනි මතිවදනි විවේකානන්දරාජා මහත්මිය, ජාතික තරුණ සේවා සභාවේ පාලන අධ්යක්ෂ මනුල සමල් පෙරේරා මහතා, උතුරු පළාත් අධ්යක්ෂ ගාමිණී මහතා, යාපනය ප්රදේශීය ලේකම් සිවගාමි උමාකාන්තන් මහත්මිය, ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්යක්ෂිකා විනෝදිනි සිරිමේනන් මහත්මිය, යාපනය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිගේ සම්බන්ධීකාරක එස්. කබිලන් මහතා සහ ජයිකා (JICA) ආයතනයේ ශ්රී ලංකා නියෝජිතයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අමුත්තන් පිළිගෙන ධජය එසවීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, මෙම තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටින සියළුම දිස්ත්රික්කවල ක්රීඩක ක්රීඩිකාවන් ආදරයෙන් පිළිගන්නා බව ප්රකාශ කළ අතර, ක්රීඩා උළෙල සාර්ථකව පැවැත්වීමට සිය සුබ පැතුම් ද පිරිනැමීය.



