‘උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප ද වගකිව යුතුය’ – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

උතුරු පළාතේ මාර්ග ආරක්ෂාව පිළිබඳ සතියේ (ඔක්තෝබර් 07-11) සමාරම්භක උත්සවය අද (07)  ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. ඒ  ‘උතුරු පළාතේ ආරක්ෂාව සඳහා අප ද වගකිව යුතුය’ යන තේමාව යටතේයි.

මෙම උත්සවය උතුරු පළාතේ පාසල්, රජයේ කාර්යාල, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

මාර්ග ආරක්ෂණ සතිය සනිටුහන් කිරීම සඳහා, අදාළ රජයේ නියෝජිතයින්ගේ අනුග්‍රහය ඇතිව උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම අද 07 පැවැත්වීමට නියමිතව තිබූ පාගමන සහ පෙළපාලි නොවැළැක්විය හැකි හේතුවක් නිසා කල් දමා ඇත. එම පාගමන එළඹෙන සිකුරාදා (11) පෙරවරු 9.00 ට පැවැත්වීමට තීරණය කර ඇත.