මුලතිව් හි ආපදාවෙන් පීඩාවට පත් සිසුන්ට ඉගෙනුම් උපකරණ ලබා දීම

රහමා ආයතනය විසින් සංවිධානය කරන ලද ආපදාවෙන් පීඩාවට පත් පාසල් සිසුන් සඳහා ඉගෙනුම් උපකරණ බෙදා දීමේ උත්සවයක් බදාදා (2025.12.17) සවස මුලතිව් බාලිනගර් මහා විද්‍යාලයේදී පැවැත්විණි. උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා සහභාගී වී ඉගෙනුම් උපකරණ බෙදා දුන්නේය.