කණ්ඩාවලෙෙ ප්‍රදේශයේ දීර්ඝ කාලයක් පැවති ඉඩම් ගැටළු විසඳීම – ගරු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජංගම සේවාවකදී පැමිණිලි 17ක් විසඳන ලදී

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කණ්ඩාවලෙෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දීර්ඝ කාලයක් පැවති ඉඩම් ගැටළු විසඳීමේ අරමුණින් අද (2025.11.21) සිකුරාදා විශේෂ ඉඩම් ජංගම සේවාවක් පැවැත්විණි.

කණ්ඩාවලෙෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා සෘජුවම සහභාගී වී මහජනතාවගේ ඉඩම් ගැටළු වලට සවන් දුන්නේය. මෙම අවස්ථාවට සලකා බැලීම සඳහා භාරගත් ඉඩම් සම්බන්ධ පැමිණිලි 17ක් විස්තරාත්මකව පරීක්ෂා කර ඒවාට විසඳුම් ලබා දෙන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් මහතා, උතුරු පළාත් ඉඩම් කොමසාරිස් ඊ. ගුරුබරන් මහතා, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩමි) ප්‍රදීපන් අජිතා මහත්මිය සහ කණ්ඩාවලෙෙ ප්‍රාදේශීය ලේකම් ටී. බ්‍රින්දකරන් සහ අනෙකුත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.