ශ්‍රී ලංකා කළමනාකරණ සමිතිෙය් නියෝජිතයින් ගරු ආණ්ඩුකාරතුමා හමුවෙයි.

2026 ජනවාරි 21 සහ 22 යන දිනවල උතුරු පළාත් ආයෝජක සමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කරන ශ්‍රී ලංකා කළමනාකරණ සමිති නියෝජිතයින් සඳුදා (2025.11.17) උදෑසන උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා හමුවී ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළහ.

උතුරු පළාතේ ආයෝජන වැඩි කිරීම, ආයෝජක සහභාගීත්වය සහ උතුරේ ප්‍රධාන ආයෝජන අවස්ථා වැඩි කිරීම අරමුණු කරගත් සමුළුවේ සම්බන්ධීකරණය පිළිබඳව රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආයෝජක සමුළුවේ සභාපති කෞෂාල් ඉන්දික රාජපක්ෂ, ජාතික ව්‍යවසාය අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අභයසේකර, උතුරු පළාත් ආයෝජක සමුළුවේ සම සභාපති සහ කළමනාකරණ සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උප සභාපති නිති චමින්ද හූලන්ගමුව, කළමනාකරණ සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උප සභාපති ශාන්ති බගිරතන්, කළමනාකරණ සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සභාපති දීපාල් අභයසේකර, යාපනය කළමනාකරණ සමාජයේ සභාපති සහ උතුරු පළාත් ආයෝජක සමුළුවේ සම සභාපති ජූඩ් මනෝහරන්, යාපනය කළමනාකරණ සමාජයේ ලේකම් එස්. සුගීර්තරූපන් සහ යාපනය කළමනාකරණ සමාජයේ උප සභාපති නිශාන්තන් කරුණායිරාජ් සහ යාපනය කළමනාකරණ සමාජයේ උප සභාපති වී. නිරන්ජන් යන මහත්වරු සහභාගී වූහ.

ඔවුන් සමඟ උතුරු පළාත් ආයෝජක සමුළුවේ හවුල්කරුවන් වන හැටන් නැෂනල් බැංකුව, යාපනය ප්‍රාදේශීය කළමනාකරු ද සහභාගී විය.