නව ගුරු පත්වීම් ලබා දීමේ වැඩසටහන ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ.

උතුරු පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිදාරී ගුරු පත්වීම් සහ උතුරු පළාත් කාර්යාල වල පවතින තාක්ෂණ නිලධාරි සහ අධීක්ෂණ නිලධාරි පත්වීම් ලබා දීමේ උත්සවය 2019 ජනවාරි 26 වන දින යාපනය වේම්බඩි බාලිකා විද්‍යාලයේ දී ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ.

මේ යටතේ ගුරුවරු 249 දෙනෙකුටත්, තාක්ෂණ නිලධාරීන් 33 දෙනෙකුටත්, අධීක්ෂණ නිලධාරීන් 10 දෙනෙකුටත් මෙහිදී පත්වීම් ලිපි ලබා දෙනු ලැබිණ.

ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඒ. පත්තිනාදන් මහතා, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එස්. සත්තියසීලන් මහතා, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු බොහෝදෙනා මෙම අවස්ථාවට සහභාගි වූහ.