කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.

කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම් සහ කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මාසික සාකච්ඡාවක් අද (2025.10.01) බදාදා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කාන්තා කටයුතු අමාත්‍යාංශය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු එක් එක් දෙපාර්තමේන්තුවල ව්‍යාපෘතිවල ප්‍රගතිය සවිස්තරාත්මකව පරීක්ෂා කරන ලද අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ දුෂ්කරතා සහ ඒවාට විසඳුම් ද ඉදිරිපත් කරන ලදී.

මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් සී. සත්‍යසීලන්, කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්. නන්තගෝපාලන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – මුදල්, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, සමුපකාර සේවක කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ සහ එක් එක් දිස්ත්‍රික්කයේ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරුන් සහභාගී වූහ.