Sea Leisure Yachting Group (SLYG) විසින් යාපනයේ තරුණයින් යොදා ගනිමින් යාපනයේදී නිෂ්පාදනය කරන ලද ‘ඇම්බර්’ නම් සුඛෝපභෝගී සංචාරක බෝට්ටු සේවයක් ආරම්භ කිරීමේ උත්සවය අද (2025.09.04) සවස කුරිකටුවාන් වෙරළ තීරයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර එන්.වේදනායගන් සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායි මුරලි යන මහත්වරු සහභාගී වූහ.