මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුලතිව් දිස්ත්‍රික් අධ්‍යාපන හා සංවර්ධන භාර අරමුදල සහ මුලතිව් දිස්ත්‍රික් චෙස් සංගමය එක්ව මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් අතර ප්‍රථම වරට සංවිධානය කරන ලද ජාතික වීර බණ්ඩාරවන්නියන් අනුස්මරණ මුලතිව් දිස්ත්‍රික් චෙස් තරඟාවලිය, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා විසින් අද (2028.08.16) සෙනසුරාදා උදෑසන මුලතිව් මහා විද්‍යාලයේදී ආරම්භ කරන ලදී.
මෙම උත්සවය ආරම්භ කරමින් ගරු ආණ්ඩුකාරවරතුමා පැවසුවේ චෙස් ක්‍රීඩාවේ යෙදීම අධ්‍යාපනයට හානියක් නොවන බවයි. මෙම ක්‍රීඩාව අපගේ මොළයේ වර්ධනයට උපකාරී වේ. ක්‍රීඩා හෝ කලාත්මක ක්‍රියාකාරකම්වල යෙදීමට අපගේ තරුණයින් දිරිමත් කිරීම අඛණ්ඩව කරගෙන යා යුතුය. මෙය අනාගතයේදී බාධාවකින් තොරව ගමන් කිරීමට ඔවුන්ට උපකාරී වනු ඇතැයි ඔහු පැවසීය.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමගේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය ද සහභාගී විය.