දැන් සිදුවන අනතුරු දෙස බැලීමේදී, විවිධ බලාපොරොත්තු සහිතව ගමන් කරන අන් අයගේ ජීවිතය පිළිබඳව කිසිදු තැකීමක් නැත. තමන්ගේම ජීවිත ගැනද කිසිදු තැකීමක් නැත. මෙය නොදැනුවත්කමක් කියා ද, හෝ නොසැලකිලිමත්කම ලෙස හැඳින්විය යුතුදැයි මම නොදනිමි. මේ ආකාරයෙන් උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා ප්‍රකාශ කළේය.
උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් (2025.07.30) බදාදා උදෑසන යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්මන්ත්‍රණ ශාලාවේදී අධිකාරියේ සභාපති කේ. මහේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ආණ්ඩුකාරතුමා තම අදහස් දැක්වීමේදී සඳහන් කළේ, යුද්ධ සමයේදී සිදුවූ ජීවිත අලාභ හා ආබාධවලට වඩා, වර්තමානයේ මාර්ග අනතුරු හේතුවෙන් අප වැඩි පරිමාණයේ ජීවිත අලාභ වලට මුහුණ දී සිටින බවයි.මාර්ග අනතුරු පිළිබඳ පුවත් නොමැති දිනයක් අද දක්නට නොලැබෙන තත්ත්වයක් පවතින බවද ඔහු පැවසීය.පාරවල් වළවල් සහිතව තිබූ කාලයේ මෙවැනි අනතුරු සිදුවීම් දක්නට නොලැබුණද, දැන් සියලු පාරවල් කාපට් කළ මාර්ග බවට ඉදිකර ඇති වත්මන් තත්වය තුළ,මෙම අනතුරු වේගයෙන් වැඩි වී තිබේ.
හදවත කම්පනයට පත් කරන බොහෝ අනතුරු සිදුවෙමින් පවතී. විවිධ අපේක්ෂාවන් සහිතව ගමන් කරන අය මාර්ග අනතුරුවලින් ජීවිතය අහිමි වීමෙන් ඇතිවන තත්ත්වය ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. ඔබ එය ගැන සිතීමෙන් මෙවැනි අනතුරු සිදුවීමේ අවස්ථා අඩුවේ.
මාර්ගයේ ගමන් කරන අතරතුර බොහෝ රියදුරන්ගේ වගකීම් විරහිතභාවය මම දැක තිබෙනවා. ඔවුන් හදිසියේම කිසිදු සංඥාවක් නොමැතිව තම වාහන හරවනවා. සමහර පෞද්ගලික බස් හිමියන්ගේ අනිසි රිය පැදවීම සම්බන්ධයෙන් මම උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පෞද්ගලිකව පැමිණිලි කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලස්වා තිබෙනවා.
මාර්ග අනතුරු අවම කිරීම රඳා පවතින්නේ, අද මෙම දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වන ඔබ සැමගේ හොඳ චර්යාව මත යැයි ආණ්ඩුකාරතුමා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය, උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් අ. සෝදිනාදන්, යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සුදර්ශන් සහ ආචාර්ය එස්.ඩි.එස්. චන්ද්‍රකුමාර් යන මහත්වරු ආරාධිතයින් ලෙස සහභාගී වූහ.
යාපනය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය පි.සයන්තන්, නීති වෛද්‍ය නිලධාරී උ.මයුරදන්, ප්‍රධාන වාහන පරීක්ෂක ජයසේකර, යාපනය – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයමාන්න යන මහත්වරු දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේය.