‘සිවමයම් 2025’ උත්සවය ඔඩ්ඩුසුට්ටාන්හි පැවැත්විණි

විදේශගතව සිටියදීද, අපගේ ඉපැරණි කලා හැකියාවන් ආරක්ෂා කර ගැනීමට සහ ඒවා ඒවා අනාගත පරපුරට ලබා දීමට ඔබ ගන්නා උත්සාහයට මම ඔබට ප්‍රශංසා කරන අතර සුබ පතමි, ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා පැවසීය.

බ්‍රිතාන්‍යයේ නෘත්‍ය සංගීත කලා ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ගේ කලා නිරූපණයන් අඩංගු “සිවමයම් 2025” උත්සවය, ඔට්ටුසුට්ටාන් ධාන්තෝන්රි ඊශ්වරර් කෝවිල් කළමනාකරණ කමිටු සංවිධානයෙන් අඟහරුවාදා සවස (29.07.2025) කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වුණි.

එහි නිර්මාතෘ ශ්‍රීමති රාධිකා රාලෝගනාදන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු. උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වෙදනායකන් මහතා සහභාගී විය. ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම් අ.උමාමගේෂ්වරන් මහතාද, විශේෂ ආරාධිත අමුත්තා ලෙස ඔට්ටුසුට්ටාන් ප්‍රාදේශීය ලේකම් ඉ.නිශාන්තන් මහතාද සහභාගි වී සිටියහ.

බ්‍රිතාන්‍යයේ උපන් හැදී වැඩුණු කලා ආයතනයේ සිසුන්ගේ සංගීත හා නර්තන ප්‍රසංගවලින් පසුව ආරාධිත අමුත්තන්ගේ දේශන පැවැත්විණි

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කළ කතාවේදී ආණ්ඩුකාරවරයා උත්සව ඉතා හොඳින් සංවිධානය කර ඉදිරිපත් කර ඇති බව ඉමහත් ලෙස පැසසුයේය. තවද,කෝවිල් පරිශ්‍රයේ පැවැති මෙම උත්සවය තුළ භක්ති ගීත පමණක් ගායනා කර ඇති අයුරු එවැනි ගීතවලට නර්තන ප්‍රදර්ශන ඉදිරිපත් කර ඇති ආකාරය විශේෂයෙන් ආණ්ඩුකාරවරයා සුබ පැතූ අතර,වර්තමානයේ අපේ ගම්වල කෝවිල් උත්සවවලදී බයිලා ගීත පමණක් වාදනය කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කළේය.