චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ සභාපති පොන්නයියා කුකතාසන් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් 2025.07.21 සඳුදා සවස ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා.වේදනායකන් මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ.
මෙම හමුවේදී, දේපළ තක්සේරු කිරීම සිදු කර බදු අයකිරීම සඳහා සහයෝගය ලබාදීම සහ සභාවේ කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ඔවුන් ආණ්ඩුකාරවරයාට ඉල්ලීම් ඉදිරිපත් කළහ. එසේම, සභාවේ උප කාර්යාල දෙකක් දැනට පෞද්ගලික ගොඩනැගිලිවල ක්‍රියාත්මක වන බැවින්, එම කාර්යාල සඳහා ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අරමුදල් වෙන්කිරීම සම්බන්ධයෙන්ද ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ආණ්ඩුකාරතුමා පැවසීය.