ලෝක බැංකුව විසින් උතුරු පළාතේ සිදු කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන මෙහෙයුම්වල ඉදිරි කටයුතු සඳහා සම්බන්ධීකරණ කමිටුවක් යෝජනා කර ඇත.

ලෝක බැංකුව විසින් උතුරු පළාතේ සිදු කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන මෙහෙයුම්වල ඉදිරි කටයුතු සඳහා අද දින සාකච්ඡාවේදී සම්බන්ධීකරණ කමිටුවක් යෝජනා කර ඇත.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙදනායකන් මහතා සහ ගරු අමාත්‍යවරුන් වන බිමල් රත්නායක මහතා, සුනිල් හඳුන්නෙති මහතා, ඊ. චන්ද්‍රසේකරන් මහතා, නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංගුමාරන් මහතා, එස්. ශ්‍රීපවනන්දරාජා මහතා, ජේ. රජීවන් මහතා, කේ. තිලගනාදන් හමහතා, එම්. ජගතීස්වරන් මහතා උතුරු පළාත් ප්‍රධාන ලේකම් සහ උතුරු දිස්ත්‍රික්ක 5 හි ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් අද ඉරිදා (2025.06.29) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ගරු ආණ්ඩුකාරවරයා සිය පිළිගැනීමේ කතාවේදී, අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පැමිණි ලෝක බැංකු කණ්ඩායමට සිය කෘතඥතාව පළ කළේය ඉන්අනතුරුව අදහස් පළ කර අමාත්‍ය චන්ද්‍රසේකරන් මහතා අපගේ පළාත ගොඩනැගීම සඳහා සහාය වන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලා සිටියේය. රජය වෙනුවෙන් ලෝක බැංකුවේ උත්සාහයන් සඳහා අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය කෘතඥතාව පළ කළේය.
ලෝක බැංකුව උතුරු පළාතට නැවත නැවතත් කළ සංචාර සහ නිලධාරීන් සහ ප්‍රජාවන් සමඟ කළ සාකච්ඡා මත පදනම්ව, උතුරු පළාතේ කලාප 8 ක් හඳුනාගෙන ඇත. නැගෙනහිර පළාතේ කලාප 7 ක් හඳුනාගෙන ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ කලාප 3 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කලාප 2 ක් සහ උතුරේ අනෙක් දිස්ත්‍රික්කවල 3 හි එක් කලාපයක් බැගින් ක්‍රියාත්මක කෙරේ. මෙයට යෝජනාවක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත් සම්බන්ධ කරන කොක්කිලායි පාලම ඇතුළත් වේ. ලෝක බැංකුව කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ තාක්ෂණය යන තේමාත්මක ක්ෂේත්‍ර 4 ක් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර, උතුරු හා නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීමේ පළමු අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක අරමුදලක් වෙන් කර ඇත.
මෙම සාකච්ඡාවේදී, සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරු ඔවුන්ගේ අතිරේක අවශ්‍යතා ද ඉදිරිපත් කළහ. අනාගතයේදී ලෝක බැංකුව ඒය සැලකිල්ලට ගන්නා ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. ලෝක බැංකු ව්‍යාපෘතිය ප්‍රමාදයකින් තොරව සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධීකරණ කමිටුවක් ද යෝජනා කරන ලදී. කමිටුව ඊළඟ පියවර කඩිනමින් ගත යුතු බවට අද දින සාකච්ඡාවේදී තීරණය විය.