ඩයස්පෝරාවලින් ලැබෙන ආයෝජන සාදරයෙන් පිළිගන්නා බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller මහතා අද (2024.03.21) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාව යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවත්වුණි.
එහිදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උතුරු පළාතේ දැනට සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමියගෙන් විමසා සිටි අතර තවද උතුරු පළාතේ අධ්‍යාපනික, ආර්ථික සහ ජීවන තත්වයන් පිළිබඳවද සාකච්ඡා කරන ලදි.
පසුව උතුරු පළාතේ ඉඩම් නිදහස් කරගැනීම, නැවත පදිංචි කිරීම, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන කලාප ඇති කිරීම සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාරතුමිය විසින් කරුණු පැහැදිලි කළාය.
එසේම මෙම සාකච්ඡාවේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය විසින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට ප්‍රකාශ ප්‍රකාශ කරසිටියේ, ඩයස්පෝරා සබඳතාවලින් ලැබෙන ආයෝජනද පිළිගන්නා බවයි.