ශ්‍රීලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රූට්ජන්ස් (Iwan Rutjens), උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (2024.02.08) දින හමුවී සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාව යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
ඒහිදී උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ අවශ්‍යතා පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමිය විසින් පැහැදිලි කළාය.
ඒහිදී උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ අවශ්‍යතා පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමිය විසින් පැහැදිලි කළාය.
යාපනය දිස්ත්‍රීක්කයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවද ශ්‍රීලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති Iwan Rutjens මහතා පැවසීය. ඒමෙන්ම ආයෝජන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට සහ උතුරු පළාතේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබාදීමට තමන් සූදානම් බවද නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති Iwan Rutjens මහතා සහතික විය.