පරිසරය පිරිසිදුව තබානොගන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර තුමියගෙන් උපදෙස්

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රීක්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවටත් යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවයට අයත් ප්‍රදේශවලින් දිනකට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවට උතුරු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසයි.
ඔුහමේ බව පවසා සිටියේ ඩෙංගු වර්ථමාන තත්වය පිළිබඳ සමාලෝචන රැස්වීමක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාත් ආණ්ඩුකා කාර්යාලයේදී පැවති අවස්ථාවකදීය.
මෙම සාකච්ඡාවේදී අනාවරනය වූවේ මේ වසරේ මේ දක්වා යාපනය දිස්ත්‍රීක්කයෙන් වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 775ක් වන අතර පසුගිය වසරේ යාපනය දිස්ත්‍රීක්කයේ ඩෙංගු රෝගීන් 3986ක් වාර්තා වූ අතර මරණ 6ක් වාර්තා විය. ඉන් පස් දෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේදී මිය යාම විශේෂත්වයකි.
මෙිහිදී දෙපාර්තමේන්තු භාර නිලධාරීන් පැවසුවේ යාපනය මහ නගර සභාව සහ අනෙකුත් පළාත් පාලන ආයතන එහි උපරිමයෙන් කටයුතු කරන නමුත් මහජනතාව තම වගකීම් අවබෝධ කර නොගන්නා හෙියන් ඩෙංගු අවධානම වැඩි වී ඇති බවටය.
පසුගිය 12 වැනිදා වන විට පරිසරය පිරිසිදුව තබා නොගන්නා ස්ථාන 1542ක් හඳුනාගෙන ස්ථාන 147කට නඩු පවරා ඇත.
මෙම සාකච්ඡාවේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබාදී පවසා සිටියේ, පරිසරය පිරිසිදුව තබා නොගෙන්නන්ට ඒරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එහිදී පොලිසියේ සහයෝගය ලබා ගන්නා ලෙසත් සෑම වීදියකම පොදු ස්ථානවල කසළ බඳුන් තබා ඒවා නිසි ලෙස නඩත්තු කරන ලෙසත් ගරු ආණ්ඩුකාරතුමිය පැවසූ අතර පළාත් පාලන ආයතන එවැනි කටයුතු සඳහා මහජනතාවද සම්බන්ධ කරගත යුතු බවටත් මහජනතාව තම සමාජ වගකීම් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය බවට ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.