උතුරු පළාතේ ජනතාව විසින් උතුරේ වෘත්තීය අධ්‍යාපන ආයතන භාවිතා කිරීම ඉතා අඩු මට්ටමට පවතී. මෙය වෙනස් කළ යුතුය. – ගරු ආණ්ඩුකාරතුමා
වෙනත් පළාත්වලට අයත් පුද්ගලයින් බොහෝ විට උතුරේ වෘත්තීය අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබති. අපේ පළාතේ භාවිතය ඉතා අඩුය. මෙය වෙනස් කළ යුතුය. වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය සියලු දෙනා අවබෝධ කර ගත යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා අවධාරණය කළේය. ජාතික කර්මාන්ත පුහුණු අධිකාරියෙ යාපන දිස්තික් කලමණාකාරවරයා ඊ.තිරුමුරුගන් මහතාගෙ ප්‍රධානත්වෙයන් 2025.07.17 දින සවස යාපනය දිස්ත්‍රික් […]
