සංස්කෘතික නිලධාරීන් ග්‍රාමීය කලාවන් දියුණු කිරීමට නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අලුත් අවුරුදු උත්සවයේදී පවසයි

උතුරු පළාත් අලුත් අවුරුදු උත්සවය අද (2024/04/16) වව්නියාව නෙඩුන්කේනි මහා විද්‍යාලයේදී පැවැත්විණි.  මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී විය.  අලුත් අවුරුදු උත්සවයේදී සංවිධානය කර තිබූ සංස්කෘතික අංග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාර තුමිය  උත්සව සභාව ඇමතීය.

“උතුරු පළාතේ මේ වසරේ සාර්ථක වගාවක් කරන්න පුළුවන්.  මේ සඳහා ප්‍රමාණවත් තරම් ජලය තිබේ.  විශාල  සහ කුඩා වැව් වල ජල මට්ටම ප්‍රමාණවත් බව පෙනී යන බැවින් අතරමැදි  වගාවෙන් ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකිය.  ඉතින් මේ හරහා අපිටත් අපේ දුප්පත්කමෙන් ගොඩ එන්න අවස්ථාවක් ලැබෙනවා

මෙවර අයවැයෙන් ද වැව් ප්‍රතිසංස්කරණය සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.  ඒ වගේම උතුරු පළාතේ තිබෙන විශාලතම වැව් 17ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි මධ්‍යම රජයෙන් සහ අනෙකුත් මුල්‍ය ආයතනවලින් මුදල් ඉල්ලා තිබෙනවා.

උතුරු පළාතේ නිවාස නොමැති ජනතාවගේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත නව නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක වේ.  ඒ සඳහා ප්‍රතිලාභීන් 32,000ක් තෝරාගෙන ඇත.  නිවාස ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් ආරම්භ කරන අතර ඉදිරි වසරක කාලය තුළ එම නිවාස ප්‍රතිලාභීන් වෙත ලබාදීමට නියමිතය.

එමෙන්ම ජනතාව අතර කලාත්මක සංස්කෘතිය වර්ධනය කිරීමට නම් ඔවුන් ජීවත් වන ගම්මානවල එළිමහන් වේදිකා සකස් කර එහි ජීවත් වන තරුණ තරුණියන්ට අවස්ථා සලසා දිය යුතුයි.  සංස්කෘතික නිලධාරීන් මේ සම්බන්ධයෙන් නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතුයි.  එළිමහනේ වේදිකා සකස් කර ගම්මානවල වැඩසටහන් පවත්වමින් ඔවුන්ගේ අනන්‍ය වූ කලාව හා සංස්කෘතිය රැක ගැනීම සහ ආරක්ෂා කිරීම අපගේ  යුතුකමක්.

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සූදානම් වෙමින් පවතින අතර ඒ පිළිබඳ අවසන් තීරණ ළඟදීම ගනු ඇත.”  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය උත්සව සභාව  අමතමින් මෙස අදහස් පළ කළාය.