එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche ඇතුළු කණ්ඩායමක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (05/06/2024) හමුවී සාකච්ඡාවක නිරත විය. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
උතුරු පළාත් ආණ්ඩුකාරවර තුමිය ගේ ලේකම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, යාපනය සහකාර දිස්ත්‍රික් ලේකම් (ඉඩම්), පළාත් ඉඩම් කොමසාරිස් සහ යාපනය ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම රැස්වීමට සහභාගි වූහ. ආර්ථිකය, අධ්‍යාපනය, කෘෂිකර්මය, කර්මාන්ත ප්‍රවර්ධනය, ඉඩම් නිදහස් කිරීම,බිම්බෝම්බ ඉවත් කිරීම, නැවත පදිංචි කිරීම, ස්වභාවික සම්පත්, ආයෝජන ව්‍යාපෘති ඇතුළු අංශ ගණනාවකින් මෙහිදී සාකච්ඡාවට බඳුන් ව්ය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා විශාල සහයෝගයක් අවශ්‍ය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සඳහන් කළාය. ඔවුන් සඳහා දේශීය හා විදේශීය අපනයන වෙළෙඳපොළ අවස්ථා සලසා දිය යුතු බවත් නවීන තාක්ෂණික පුහුණුවක් ලබාදිය යුතු බවත් ගරු ආණ්ඩුකාරවර තුමිය මෙහිදී පැවසීය. ඩයස්පෝරා සබඳතා උතුරේ ව්‍යවසායකයින්ට සහයෝගය ලබාදී ඔවුන් දිරිමත් කළ යුතු බවද ඇය සඳහන් කළාය.
ඩයස්පෝරා සබඳතා උතුරු පළාතේ ජනතාවගේ ආර්ථික ප්‍රගතියට ඉවහල් විය හැකි බව පැවසූ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් එන්ට්රෝ ප්‍රකාශ කළේ ප්‍රමුඛත්වය දිය යුතු ව්‍යාපෘති හඳුනාගෙන ඒවාට ආයෝජනය කළ යුතු බවයි. එසේම වඩා හොඳ යාන්ත්‍රණයක් හරහා ආයෝජන සිදුකිරීම වඩාත් සුදුසු බවද ඔහු පැවසීය
උතුරේ ඇති ස්වභාවික බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශීය ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව ද අධ්‍යයනය කළ යුතු බව ඔහු පැවසීය. එමෙන්ම ස්වභාවික බලශක්ති සම්පත් උපයෝගී කරගනිමින් සිදුකරන ව්‍යාපෘතිවලින් ලබන ලාභයෙන් අදාළ ගම්මාන සංවර්ධනය සඳහා යම් මුදලක් වෙන්කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකවරයා පැවසීය.
එසේම ඉඩම් කොටස් නිදහස් කිරීම පිළිබඳව සතුට පල කළ ඒ මහතා උතුරු පළාතේ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් කුමන ආකාරයේ සහයෝගයක් අවශ්‍ය දැයි ද ඔහු විමසා සිටියේය.
ජනතාව නැවත පදිංචි කිරීම අවසන් කිරීම සඳහා බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් කළ යුතු බවත් ඒ සඳහා සහයෝගය ලබා ගැනීම අවශ්‍ය බවත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානවලට උතුරේ මෙතෙක් සිදුකළ ක්‍රියාකාරකම් පිළිබඳව ස්තූතිය පළ කළ ගරු ආණ්ඩුකාරවර තුමිය සියලු අංශවල සංවර්ධනය සඳහා අඛණ්ඩව සහයෝගීතාව අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළාය.