කිසි විටෙකත් පස ස්පර්ශ නොකළ මිනිසා කිසි විටෙකත් අහස ස්පර්ශ නොකරනු ඇත – උතුරු පළාත් ආණ්ඩුකාර

Roulette Tips - How to Win at Online Roulette

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ අනුග්‍රහය යටතේ යාපනයේ  DATC පරිශ්‍රයේදී ඊයේ (17) ආරම්භ කළ “කෘෂිකාර්මික ප්‍රදර්ශනය –  2019” සදහා සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ පස ස්පර්ශ නොකළ මිනිසා කිසි විටෙකත් අහස ස්පර්ශ නොකරන බවයි.

“අපට සහල් ලැබෙන්නේ ගොවීන් මඩට  බැස්සොත් පමණයි. ගොවීන්ගේ දහඩිය බින්දු නොමැති නම් අපට ආහාර ලැබෙන්නේ නෑ. අපේ ගොවීන්ට ජලය පිළිබද  ප්‍රශ්නය සහ සහනාධාර වැනි විවිධ ගැටලු තියෙනවා. අප එය බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුයි. දේශපාලන නිදහස, ආර්ථික නිදහස වගේම ආහාර නිදහස ද අපට තිබිය යුතුය. ආහාර නිදහස ඇති සමාජයකට අනෙකුත්  ගැටලු සහගත කාරණා ගැන සිතීමට හා ක්‍රියා කිරීමට ශක්තිය ලැබෙනවා…” යනුවෙන්   ආණ්ඩුකාරවරයා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

“දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සහ විෂ නොවන ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතභාවය කරා” යන තේමාව යටතේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලද අතර උතුරු පළාතේ හොඳම ගොවීන්ට ආණ්ඩුකාරවරයා විසින් සහතික පත් ප්‍රදානය කරන ලදී. මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 20 වන දින දක්වා උදේ 9 සිට පස්වරු 5 දක්වා පැවැත්වේ.