උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ක. ඒකාන්තන් මහතා පත් කිරීම

උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ක. ඒකාන්තන් මහතා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා විසින් පත් කර ඇත.

ඒ සඳහා වූ පත්වීම් ලිපිය අද (11.09.2026) සිකුරාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පිරිනමන ලදී. මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් සිවපාදසුන්දරම් සත්‍යසීලන් මහතා ද සහභාගී විය.

මෙම පත්වීම 14.09.2026 සඳුදා දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇත.

උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පා. මුගුන්දන් මහතා මධ්‍යම රජයේ සේවයට මුදා හැරීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා, ආණ්ඩුකාර කාර්යාලයේ සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කළ ක. ඒකාන්තන් මහතා පත් කර ඇත.