උතුරු පළාතේ තාවකාලික රාජකාරී කරන 388 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.
උතුරු පළාතේ තාවකාලික, ආදේශක, අනියම් සහ දෛනික වැටුප් පදනමින් සේවය කරන 388 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදෙන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මාගෙන් ඉල්ලීමක් කරන ලදි. ගරු ආණ්ඩුකාර තුමිය මෙම ඉල්ලීම කරන ලද්දේ අද (2024.03.07) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය. උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවය කරන 67 […]
