බැංකු ණය ලබා ගැනීමේදී ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
උතුරු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ නව ව්‍යවසායකයින් බැංකු ණය ලබා ගැනීමේදී මුහුණ දෙන අභියෝග සහ ඒවාට විසඳුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද සිකුරාදා (2026.02.06) සවස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. නිෂ්පාදන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රජය විවිධ ණය යෝජනා ක්‍රම හඳුන්වා දුන්නද, එම තොරතුරු කාලෝචිත ආකාරයකින් ව්‍යවසායකයින් […]
