ආණ්ඩුකාරවර(Governor)

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතින් නව පත්වීම් ප්‍රධානය

උතුරු පළාත සඳහා දෙපාර්තමේන්තු දෙකක කොමසාරිස් ධූරය සහ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තනතුර සඳහා නව නිලධාරීන් පත් කර ඔවුන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය විසින් අද (03/07/2024) ප්‍රධානය කරන ලදී. උතුරු පළාත් ළමා සුබසාධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස සී.සුජීව මහත්මියත්, උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස කේ.කාංචනා මහත්මියත්, […]

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතින් නව පත්වීම් ප්‍රධානය Read More »

මන්නාරම මරුදමඩු මාතාවගේ වාර්ෂික මංගල්‍යයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර හ සහභාගී වෙයි

මන්නාරම මරුදමඩු පුදබිමේ වාර්ෂික  මංගල්‍යය අද පැවැත්විණි.  මඩු මාතාවගේ ප්‍රතිමාවට රාජාභිෂේකය සිදු කර වසර 100ක් සපිරෙන අද දිනයේ යළිත් මවගේ හිස ඔටුනු පළඳවනු ලැබුවා.  කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයේ දිව්‍ය පූජාව සහ දේව මෙහෙය පැවැත්විණි. අද පැවති උත්සවයේ දී ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය ද සහභාගී විය.  මඩු

මන්නාරම මරුදමඩු මාතාවගේ වාර්ෂික මංගල්‍යයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර හ සහභාගී වෙයි Read More »

ශෝක පණිවුඩය

දෙමළ ජාතික සංධානයේ ජ්‍යෙෂ්ඨ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 14 වැනි විපක්ෂ නායක මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන නීතීඥ රාජවරෝදයම් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වීම පිළිබඳව  මම  බලවත් කනගාටුවට පත් වෙමි. දශක පහක පමණ දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම කාලයක් දෙමළ ජනතාවගේ නිවැරදි හඬ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝජනය කළ  දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තරයේ පවා පෙනී

ශෝක පණිවුඩය Read More »

උතුර ආර්ථික වශයෙන් ශක්තිමත් පළාතක් බවට පත් කිරීම ගරු ජනාධිපතිතුමාගේ ඉලක්කය බව උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්  මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලීපන්  මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී අද (2024/06/27) පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාර තුමිය ගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ උතුරු පළාතේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් පළ කළාය.  විරැකියා ප්‍රශ්නයට විසඳුම් සහ ජීවනෝපාය ආධාර වැඩසටහන්

උතුර ආර්ථික වශයෙන් ශක්තිමත් පළාතක් බවට පත් කිරීම ගරු ජනාධිපතිතුමාගේ ඉලක්කය බව උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරු ප්‍රදේශයේ නාවික විධාන ආඥාපතිවරයා සහ ගරු ආණ්ඩුකාර තුමිය අතර සුහද හමුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු කලාපයේ ආඥාපති, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර බී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (26/06/2024) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සුහදව හමුවී සාකච්ඡාවක නිරත විය. යාපනය අර්ධද්වීපයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට සහ ප්‍රදේශයේ ජනතාවට වෛද්‍ය පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.  

උතුරු ප්‍රදේශයේ නාවික විධාන ආඥාපතිවරයා සහ ගරු ආණ්ඩුකාර තුමිය අතර සුහද හමුවක් Read More »

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතර සාකච්ඡාවක්

ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.  එස්.  එම්.චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් ඇතුළු පිරිසක්  අතර අද (26/06/2024)   සාකච්ඡාවක් පැවැත්විණි.  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි. නැවත පදිංචි කිරීම්, ඉඩම් නිදහස් කිරීම, ව්‍යාපාරික අවස්ථා, ප්‍රවාහන පහසුකම් ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි. බිම් බෝම්බ ඉවත්කිරීම  අවසන් කර අවතැන් වූ

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතර සාකච්ඡාවක් Read More »

අපි අපේ සම්ප්‍රදායන් ආරක්ෂා කළ යුතුයි. – අම්මාචි ආපනශාලාව විවෘත කිරීමේ උත්සවයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

 යාපනයේ සංගානෙයි බස් නැවතුම් පොළ අසල අලුතින් පිහිටුවන ලද අම්මාචි පාරම්පරික ආහාර ආපන ශාලාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය අතින් අද (25/06/2024) විවෘත විය. අම්මාචි පාරම්පරික ආපන ශාලාව විවෘත කරමින් ගරු ආණ්ඩුකාර තුමිය විසින් අවන්හලේ අලෙවි කටයුතු ද ආරම්භ කළ අතර බටහිර වලිගාමම් කාන්තා මූලික පවුල් සඳහා ජීවනෝපාය මාර්ග සදහා ආධාර ද ලබා

අපි අපේ සම්ප්‍රදායන් ආරක්ෂා කළ යුතුයි. – අම්මාචි ආපනශාලාව විවෘත කිරීමේ උත්සවයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ගරු ආණ්ඩුකාර තුමිය අතින් විවෘත වෙයි

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු සංචාරක තොරතුරු මධ්‍යස්ථානය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය විසින් අද (25/06/2024) විවෘත කරන ලදී. සංචාරකයින්ට උතුරු පළාතේ පහසුවෙන් නැරඹිය හැකි ඓතිහාසික ස්ථාන, පූජනීය ස්ථාන ආදිය ඇතුළත් සංචාරක මාර්ගෝපදේශ පොත් මෙම සන්නිවේදන මධ්‍යස්ථානයෙන් නොමිලේ ලබා ගත හැක.  එමෙන්ම උතුරු පළාතේ නිෂ්පාදිත අත්කම් භාණ්ඩ ද මෙහි අලෙවි

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ගරු ආණ්ඩුකාර තුමිය අතින් විවෘත වෙයි Read More »

යාපනය නෙල්ලිඅඩි වාණිජ මණ්ඩලයේ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී .එස්.එම් චාල්ස් මහත්මිය සහභාගී විය.

 මෙහිදී නෙල්ලිඅඩි ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 15 දෙනෙකුට උපහාර පිරිනැමිණි.  එමෙන්ම අධ්‍යාපන, වෛද්‍ය, ආගමික සහ සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වූවන් 04 දෙනෙකු ද මෙහිදී උපහාරයට ලක් විය.  ගරු ආණ්ඩුකාර තුමිය විසින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදි එමෙන්ම නෙල්ලිඅඩි ප්‍රදේශයේ සිසුන් 12 දෙනෙකු සඳහා අධ්‍යාපන උපකරණ බෙදාදීම ද මෙහිදී සිදු විය.    

යාපනය නෙල්ලිඅඩි වාණිජ මණ්ඩලයේ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී .එස්.එම් චාල්ස් මහත්මිය සහභාගී විය. Read More »

මන්නාරම දිස්ත්‍රික්කයේ “උරුමය ” ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහන

මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව සදහා “උරුමය” ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහන (16) මන්නාරම නගර සභා ශ්‍රවණාගාරයේදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඉඩම් වල සින්නක්කර අයිතිය ජනතාව වෙත ප්‍රධානය කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන “උරුමය” වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් පන් දහසකට පළමු අදියරේ ඔප්පු ලබාදීමට නියමිත අතර අද දින පවුල් 442 ක් සදහා ගරු

මන්නාරම දිස්ත්‍රික්කයේ “උරුමය ” ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහන Read More »