ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘති දෙකක ප්‍රගතිය සහ ඒ සඳහා වන කාලසටහන පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ හමුවක්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම සහ ලෝක බැංකු නියෝජිතයින් අතර ඊයේ බදාදා (24.06.2026) සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරෙන ‘රිවයිව්’ (REVIVE – Regional Empowerment through Vibrant, Inclusive, and Viable Economies) ව්‍යාපෘතිය යටතේ, එහි පළමු අදියර ලෙස යාපනයේ පිහිටි ගුරුනගර් ජැටිය සහ ඓතිහාසික යාපනය බලකොටුව යන ස්ථාන දෙක කේන්ද්‍ර කරගනිමින් ඒකාබද්ධ සංවර්ධන කටයුතු ඉදිරියට ගැනීමට නියමිතය.
ඊයේ පැවැති මෙම සාකච්ඡාවේදී, ලෝක බැංකුව විසින් දැනටමත් අනුමත කර ඇති මෙම ව්‍යාපෘති දෙක බිම් මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය සහ ඒ සඳහා වන වැඩසටහන් කාලසටහන පිළිබඳව ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ කණ්ඩායම වෙත ලෝක බැංකු නියෝජිත පිරිස විසින් සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදී.
මෙම වැදගත් සාකච්ඡාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ද සහභාගී වූහ.



