August 2024

යාපනය මධ්‍යම බස් නැවතුම්පළේ හදිසි පරීක්ෂාවකට පොලිසිය සැරසෙයි – ගරු ආණ්ඩුකාර තුමිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පවසයි

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සම සභාපති වරුන් වන උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28/08/2024) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.  යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු […]

යාපනය මධ්‍යම බස් නැවතුම්පළේ හදිසි පරීක්ෂාවකට පොලිසිය සැරසෙයි – ගරු ආණ්ඩුකාර තුමිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පවසයි Read More »

නගර සැළසුම් කටයුතු ජනතාවට පහසුවෙන් එක් ස්ථානයකට ලබා ගත හැකි ආකාරයට සිදු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

 ජාතික භෞතික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (2014/08/27) උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය ,ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උතුරු පළාතේ දිස්ත්‍රික්කවල රාජ්‍ය ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නගර සැළසුම් කටයුතු ජනතාවට පහසුවෙන් එක් ස්ථානයකට ලබා ගත හැකි ආකාරයට සිදු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරු පළාතේ සියලුම රෝහල්වල පැමිණිලි ඉදිරිපත් කිරීම් සදහාත් තොරතුරු දැනගැනීම සදහාත් දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කළ යුතු බව ගරු ආණ්ඩුකාර හ නියෝග කරයි

උතුරු පළාතේ සියලුම රෝහල් සහ රජයේ බෙහෙත් ශාලාවල සේවාවන්ට අදාළ තොරතුරු ප්‍රදර්ශනය කළ යුතු බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත.රෝගීන්ට ලබා දෙන සේවාවන්, රෝගීන් සහ වෛද්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි, සේවාව ලබා ගැනීමේ ප්‍රමාදයන් හා ඊට අදාළ ගැටළු ඇති වුවහොත් සම්බන්ධ කර ගත යුතු ඉහළ

උතුරු පළාතේ සියලුම රෝහල්වල පැමිණිලි ඉදිරිපත් කිරීම් සදහාත් තොරතුරු දැනගැනීම සදහාත් දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කළ යුතු බව ගරු ආණ්ඩුකාර හ නියෝග කරයි Read More »

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ඉල්ලීම පරිදි මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනයට රුපියල් මිලියන 100 ක පමණ මුදල් ප්‍රතිපාදන

 උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියට  පැවසූ පරිදි, මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය   රුපියල් මිලියන සියයක් පමණ මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.  මෙම අරමුදල හරහා කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල සඳහා කිලෝවොට් 500ක  විදුලි ජනන යන්ත්‍රයක් මිලදී ගැනීමට නියමිතය.  එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සඳහා නේවාසිකාගාර ප්‍රතිසංස්කරණය කිරීම සහ අභ්‍යන්තර කොරිඩෝව ප්‍රතිසංස්කරණය කිරීමේ

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ඉල්ලීම පරිදි මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනයට රුපියල් මිලියන 100 ක පමණ මුදල් ප්‍රතිපාදන Read More »

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් යාපනය අමාත්‍ය මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව

යාපනය, පේදුරු තුඩුව පාරේ චත්තනාතර් කෝවිල අසල පිහිටි පැරණි අමාත්‍ය මන්දිරය (මන්ත්‍රී මනෙයි) ප්‍රතිසංස්කරණයට අදාළ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.  සිවඥානම්, උතුරු පළාත් සංචාරක කාර්යාංශයේ නිලධාරීන්, යාපනය මහනගර සභා කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තු නිලධාරීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය. යාපනය රාජ්‍ය

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් යාපනය අමාත්‍ය මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව Read More »

උතුරු පළාත් පෙර පාසල් ගුරුවරුන් සඳහා ඩිප්ලෝමා සහතිකය ප්‍රදානය කෙරේ

උතුරු පළාතේ පුහුණුව ලැබූ පෙර පාසල් ගුරුවරුන් සඳහා ඩිප්ලෝමා සහතිකය අද (10/08/2024) ප්‍රධානය කෙරිණි යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාසපති රඟහලේදී උත්සවය පැවැත්විණි.  රොටරි සමාජයේ අනුග්‍රහය යටතේ  පුහුණුව ලැබූ පෙර පාසල් ගුරුවරුන් 337 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරිණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මීට සහභාගි විය. මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාර

උතුරු පළාත් පෙර පාසල් ගුරුවරුන් සඳහා ඩිප්ලෝමා සහතිකය ප්‍රදානය කෙරේ Read More »

යාපනය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 අද අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වෙයි

 ‘යාපනය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2024’ අද (09/08/2024) උදෑසන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ විය.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රදර්ශනය ආරම්භ විය.  මෙම පොත් ප්‍රදර්ශනය සහ අලෙවිය අද සිට ලබන 11 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය. යාපනය කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම

යාපනය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 අද අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වෙයි Read More »

උතුරු පළාතේ සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ ස්ථාපිත කළ යුතු බවට ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

 උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයටඅදාළ විශේෂ සාකච්ඡාවක්  (2024/08/08) දින පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට උතුරු පළාත් සෞඛ්‍ය පරිපාලන නිලධාරීහු සහභාගි වූහ.  පළාත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ සිදුකිරීමට නියමිත යාන්ත්‍රණයේ වෙනස්කම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.  උතුරු පළාතේ සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශයක් ස්ථාපිත කරන ලෙස

උතුරු පළාතේ සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ ස්ථාපිත කළ යුතු බවට ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය යාපනයේ දී ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

 නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය මෙවර යාපනයේදී පැවැත්වේ.  බැඩ්මින්ටන් තරගමාලාවේ සමාරම්භක උත්සවය අද (2024/07/31) යාපනය විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.  මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී විය. රටවල් 12ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 514කගේ සහභාගිත්වයෙන් අද ආරම්භ වූ 9 වැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 04 වැනිදා පැවැත්වේ.  මෙම

නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය යාපනයේ දී ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි Read More »