උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා සහ ලංකා දෙමළ ගුරු සංගමයේ (Ceylon Tamil Teachers’ Association) නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (04.06.2026) බ්‍රහස්පතින්දා පෙතිවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී, ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවත්, උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් නංවාලීම සඳහා වූ විවිධ සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා ලංකා දෙමළ ගුරු සංගමය වෙනුවෙන් එහි උපදේශක, සභාපති ඇතුළු ප්‍රධාන සාමාජිකයින් රැසක් සහභාගී වූහ.



