“අපේ ප්‍රදේශයේ සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපාය නැංවීමට ආයෝජන ඉතා අත්‍යවශ්‍ය වේ. ආයෝජකයින් නියමිත කාල සීමාවන් තුළ දෙපාර්තමේන්තු වල අනුමැතිය ලබා ගැනීමේදී විවිධ ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දෙති. එක් දෙපාර්තමේන්තුවක් අනුමැතිය ලබා දුන්නද, තවත් දෙපාර්තමේන්තුවක අනුමැතිය ලැබීම ප්‍රමාද වීම නිසා ආයෝජකයෝ කලකිරීමට පත්වෙති. මේ සම්බන්ධයෙන් සියලුම දෙපාර්තමේන්තු විශේෂ අවධානය යොමු කළ යුතු අතර, අවශ්‍ය නම් කොන්දේසි සහිතව හෝ අනුමැතිය ලබා දීමට ඉදිරිපත් විය යුතුය. එමෙන්ම ආයෝජකයින්ද රටේ නීති රීතිවලට යටත්ව තම කටයුතු ඉදිරියට ගෙන යා යුතුය,” යනුවෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු ඉ. චන්ද්‍රසේකර් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නා. වේදනායකන් මහතා එක්ව ප්‍රකාශ කළහ.
යාපනය දිස්ත්‍රික්කයේ විවිධ හේතූන් මත ප්‍රමාද වී ඇති ආයෝජන ව්‍යාපෘති සහ ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දෙන ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී බ්‍රහස්පතින්දා – 30.07.2026 පැවැත්විණි. එහිදී ඔවුහු ඉහත සඳහන් පරිදි අදහස් දැක්වූහ.
මෙම සාකච්ඡාවේදී ප්‍රථමයෙන්, වල්වැටිතුරෙයි හි ඉදිකර ඇති විලේජ් හොටෙල් (Village Hotel) ව්‍යාපෘතිය පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙම කරුණ සම්බන්ධයෙන් අදාළ ආයෝජකයා ගෙන්වා, ඔහුට ලබා දී ඇති උපදෙස් වලට අනුව ව්‍යාපෘතිය නියාමනය කිරීමට උපදෙස් දීමටත්, ඔහු ඊට සහාය නොදක්වන්නේ නම් අදාළ දෙපාර්තමේන්තු හරහා නීතිමය පියවර ගැනීමටත් තීරණය විය. අප ආයෝජන සාදරයෙන් පිළිගන්නා අතරම, නීති විරෝධී කටයුතුවලට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බව එහිදී ස්ථිරවම ප්‍රකාශ කෙරිණි.
දෙවනුව, කයිට්ස් – පරුත්තියඩෙයිප්පු ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘සුබසාධන ජලජ ජීවී වගා සංවර්ධන ව්‍යාපෘතිය’ පිළිබඳව සොයා බලන ලදී. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව, අදාළ ප්‍රදේශයේ ජනතාව හමුවී ව්‍යාපෘතියේ වාසි පිළිබඳව පැහැදිලි කර දුන් පසු ඉදිරි පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.
තෙවනුව, අරියාලෙයි හි පිහිටුවීමට යෝජිත ‘යාපනය වෙරළබඩ සංස්කෘතික නිවාඩුවිනෝද ව්‍යාපෘතිය’ කෙරෙහි අවධානය යොමු විය. මෙම ව්‍යාපෘතිය සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබුණු පසු, එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් භාවිත කමිටු රැස්වීමට ඉදිරිපත් කර සසු පියවර ගැනීමට තීරණය විය.
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජේ. රජීවන්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්යක්ෂ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්යක්ෂ, නල්ලූර්, කයිට්ස්, මරුදන්කේණි සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන සහකාර කොමසාරිස්, වල්වැටිතුරෙයි නගර සභාවේ ගරු උප සභාපති, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු, ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් සහකාර අධ්යක්ෂ, වල්වැටිතුරෙයි නගර සභාවේ ලේකම්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිගේ සම්බන්ධීකාරක සහ ආයෝජකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.




